ජනපතිගේ නිල ධජය ප්‍රකාශයට පත් කෙරේ

නොවැ 18, 2019

    7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිල ජනපති ධජය ප්‍රකාශයට පත්කර තිබේ.

    නිල ධජයේ ප්‍රධාන වර්ණය වන්නේ කුරහන් ධාන්‍යයේ වර්ණය වන තද දුඹුරු පැහැයයි. පාරිශූද්ධත්වයේ සංකේතය වන සුදු නෙළුම් මල එහි ප්‍රධාන තේමාව වන අතර ඉන් පාලකයා සතු නිර්මල පිවිතුරු පාලනය පිළිබිඹු කර තිබේ. සිව්කොණ පිහිටි බෝපත් සතරින් බුදුදහම සහ ඉන් ජාතියට ලැබී ඇති අභාශය නිරූපනය කරයි. වී කරල් සහ ඒ අතර පිහිටුවා ඇති කුරහන් මල් සතර සහිත රාමුවෙන් නිරූපනය කර ඇත්තේ සශ්‍රීකත්වයයි.

    ජනාධිපති ධජයේ සියලු කොටස් එකට බැදී පවතින අතර ඒතුලින් සියලු ජාතීන් අතර එකමුතුව, සාමය අන්‍යොන්‍ය අවබෝධයත් ඒ තුල පවත්නා ජීවගුණයත් අර්ථ ගන්වා තිබේ.

    Last modified on සදුදා, 18 නොවැම්බර් 2019 13:25

    Latest News