අගමැති රනිල් හා බිරිඳ අරලියගහ මන්දිරයෙන් පිටව යයි

නොවැ 21, 2019

    අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ රනිල් වික්‍රමසිංහ මහතා, අද අරලියගහ මන්දිරයෙන් නික්ම ගියේය.

    රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අරලියගහ මන්දිරයේ කාර්ය මණ්ඩලයට ස්තූතිය පළ කළේය. අනතුරුව සිය පුද්ගලික රථයෙන්, දෙපල නික්ම ගියේය. වික්‍රමසිංහ මහතා විසින් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමෙ ලිපිය මීට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත යවනු ලැබීය.

    රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවිය වසර 42ක්. ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය සහය පළ කළ අපේක්‍ෂකයා පරාජයට පත් කරමින්, ගෝඨාභය රාජපක්‍ෂ මහතා විශිෂ්ට ජයක් ලැබීමත් සමඟ අගමැති ධූරයෙන් ඉවත් වීමට වික්‍රමසිංහ මහතා තීරණය කළේය. රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා පහකදී මෙරට අග්‍රාමාත්‍ය ධූරය හොබවා ඇති අතර, සිය ධූර කාලය සම්පූර්ණ කිරීමට ඉන් එක් වතාවකදීවත් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබුණේ නැත.

    1977 සිට මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටි ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙක්. විපක්‍ෂ නායක ඇතුළු අමාත්‍ය ධූර කිහිපයක් ද ඔහු විසින් හොබවනු ලැබීය. එක්සත් ජාතික පක්‍ෂයට පසුගිය වසර 25ක දීර්ඝ කාලයක් තිස්සේ නායකත්වය ලබාදෙන්නේ ද රනිල් වික්‍රමසිංහ මහතායි.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 නොවැම්බර් 2019 18:46

    Latest News