ඕනෑම අයෙකු විවේචනය කිරීමට අද ඕනෑ තරම් මාධ්‍ය නිදහස තිබෙනවා..සජිත්

නොවැ 14, 2019

    ඕනෑම අයෙකු විවේචනය කිරීමට අද ඕනෑ තරම් මාධ්‍ය නිදහස ලබා දී ඇති බවත්, පවතින මාධ්‍ය නිදහසට වඩා වැඩි නිදහසක් එළඹෙන 16 වැනිදායින් පසුව ලබා දී ඉහළම ශක්තිය සහ රැකවරණය මාධ්‍ය ක්ෂේත්‍රයට තමන් ලබා දෙන බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    ඉඩම් හා නිවාස නොමැති මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇතුළු සමස්ත මාධ්‍යවේදීන් සඳහා නිවාස ලබා දෙන බවත්, මෙරට සෑම පුරවැසියෙකුගේම නිවාස ප්‍රශ්නය විසඳා වසර 2025 වන විට සැමට සෙවණ ලබා දීමට තමන් කටයුතු කරන බවත්, සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ මාතර දිස්ත්‍රික්කයේ,වැලිගම නගරයේ පැවති ජන රැළියකට අද (13) එක්වෙමින්.

    මෙහිදී බුද්ධික පතිරණ අමාත්‍යවරයා විසින් දිවුරුම් ප්‍රකාශයක් සජිත් ප්‍රේමදාස මහතා වෙත භාර දුන්නේය. එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිධුර කාලයේ දී තමන්ට හිමි ඇමති වැටුප ලබා නොගන්නා බවත්, තමන්ගේ භාවිතය සඳහා මහජන මුදලින් අළුතින් වාහන ආනයනය නොකරන බවත්ය..

    Last modified on බ්‍රහස්පතින්දා, 14 නොවැම්බර් 2019 09:41

    Latest News