සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්රේමදාස සහ එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්රතික්ෂේප කළා.

ගාලුමුවදොර විරෝධතාකරුවන්ට ඊයේ රාත්‍රී එල්ල වූ ප්‍රහාරය‍ හෙළා දකිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිත අලකා සිං මහත්මිය අද (23) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඊයේ (14) ලිපියක් යොමුකර තිබෙනවා.

මේ දුෂ්කර සමය නිමා වී සශ්‍රීකත්වය රජයන අලුත් අවුරුද්දක් උදාවේවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබ පැතුම් එක්කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටින්නේ, සංස්කෘතිකමය හරය විදහා දක්වන මුදුන්මල්කඩක් ලෙස සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හඳුන්වා දිය හැකි බවයි.

දෙවැනි ස්ථානය හිමිකර ගත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව විසිහත් ලක්ෂ හැත්තෑ එක්දහස් නවසිය අසූවක්.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෙවන පෙළ නායකත්වයට දේශපාලනයට ප්‍රවිශ්ට වීම සඳහා තමන් අවස්ථාව උදාකර ඇතැයි, සමගි ජනබලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, වලස්මුල්ලේ පැවති ප්‍රචාරක රැස්වීමක් අමතමින්.

මේ අතර, සමගි ජනබලවේගයේ තවත් ප්‍රචාරක රැස්වීමක් රත්නපුර, කොලොන්නේ දී පැවැත්විණ.

ව්‍යාපාර සඳහා සුදුසු වාතාවරණයක් ඇති කිරීමට රජයක් කටයුතු කළ යුතු බව, සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ලබන සඳුදා පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන අවසන් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ගේ හමුවට නිල කැඳවීමක් ඊයේ වනතුරු තමන් වෙත ලැබී නැතැයි, හිටපු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Latest News