බදු පනතේ සංශෝධනයට පක්ෂව UNPයෙන් පෙත්සමක්

ඔක් 31, 2022

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට තීන්දු කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හා උප නායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

    එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ උප නායක අකිල විරාජ් කාරියවසම් යන අය විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළා.

    යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදන වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස එම පෙත්සම් වලින් ඉල්ලා තිබෙනවා.

    Latest News