රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට තීන්දු කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හා උප නායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය විසින් අද කොළඹ හයිඩ් පිටියේ දී සත්‍යග්‍රහයක් සංවිධාන කර ඇති බව වර්තා වෙනවා.

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් 69 දෙනෙකු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය විසින් එම පක්ෂයේ සභිකයින් 58 දෙනෙගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගෙන ඇති තීරණයට අනුව ඔවුන්ගේ පළාත් පාලන මන්ත්‍රි ධුර අහිමි කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය අප්‍රේල් මස 28 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (14) පැවැත්වීමට නියමිතයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයට සහයෝගය පළ කිරීම හේතුවෙන් තම මන්ත්‍රීධූර අහිමි කරමින් එක්සත් ජාතික පක්ෂයේ විසින් ගෙන ඇති තීරණය ගැසට් කිරීම වැළැක්වීමේ නියෝගයක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් 40 ක පමණ පිරිසක් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් අද අභියාචන අධිකරණය හමුවේ සලකා බැලුනා.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිතයි. එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3.30ට පිටකෝට්ටේ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ දීයි.

නායකත්වයන සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හටගෙන ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් තවත් විශේෂ සාකච්ජාවක් අද පස්වරුවේ පැවැත්වෙන බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ මේ වන විට පැවැත්වෙයි.

Latest News