යාපනය සිට චෙන්නායි ගුවන් ගමන් අද ඇරඹේ

නොවැ 11, 2019

    යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගුවන් ගමන් සේවා අද (11) සිට සිවිල් වැසියන් වෙනුවෙන් ආරම්භ කිරීමට නියමිතයි. 

    ඒ අනූව සතියකට දින තුනක් ගුවන් ගමන් සේවාවන් සිදුකිරීමට නියමිතයි. සදුදා, බදාදා සහ සෙනසුරාදා දිනයන්හි දී ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කෙරේ.

    ‍ඉන්දියාවට අයත් “එලයන්ස් එයාර්” සමාගමේ ගුවන් යානාය චෙන්නායි සිට උදැසන 10.35ට ගුවන් යානා පිටත්වීමට නියමිත අතර, නැවත අදාළ ගුවන් යානය යාපනය සිට සවස 2.10ට චෙන්නායි දක්වා ගමන් කිරීමට නියමිත බව ද එලයන්ස් එයාර් ගුවන් සමාගම නිවේදනය කරයි. යාපනය ගුවන් තොටුපොළ විවෘත කෙරුණේ ඔක්තෝම්බර් 17 වැනිදායි. 

    Last modified on සදුදා, 11 නොවැම්බර් 2019 07:44

    Latest News