ජනාධිපති ආරක්ෂක අංශයට අයත් වාහන අංගනයේ ගින්නක්

නොවැ 11, 2019

    කොළඹ, චැතැම් විදියේ පිහිටි ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන අංගනයේ ගින්නක් හටගෙන තිබේ.ගින්න හට ගැනුණේ ඊයේ(10) රාත්‍රී 10.00ට පමණ.

    කොළඹ ගිනි නීවිම් ඒකකය විසින් ගින්න මැඩ පැවැත්විම සදහා ගිනි නිවිමේ රථ 05ක් එම ස්ථානයට යොමු කළ බවයි. කෙසේ වෙතත් වාහන අංගනයේ ගින්න මේ වන විට මැඩ පවත්වා ඇති තිබේ.  ගින්නෙන් වාහන අංගනයේ තිබු යතුරු පැදි 47ක් සහ ත්‍රිරෝද රථයක් විනාශ වී ඇති බව පොලිසිය සඳහන් කරයි.  ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් කොටුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

    Last modified on සදුදා, 11 නොවැම්බර් 2019 07:56

    Latest News