මැතිවරණ නිරීක්ෂණයට පොදුරාජ්‍ය මණ්ඩලීය කණ්ඩායමක් දිවයිනට..පැෆරල් 4000ක්

නොවැ 10, 2019

    ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ කණ්ඩායමක් අද දිවයිනට පැමිණෙයි.

    ඒ ඝානාවේ හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ප්‍රොස්පර් බානිගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක්. මෙම පොදුරාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ කණ්ඩායම සාමාජිකයින් දස දෙනෙකුගෙන් සමන්විතයි. මීට අමතරව හය දෙනෙකුගෙන් යුත් පොදුරාජ්‍ය මණ්ඩලීය සහයක කණ්ඩායමක් ද එම නිරීක්ෂණයට එක්වනු ඇති.
    මීට අමතරව නිදහස් මැතිවරණ සඳහා වූ ආසියානු ජාලයේ සාමාජිකයන් ද ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මේ වන විට දිවයිනට පැමිණ තිබේ.
    රටවල් 16ක නියෝජිතයන් 41ක් ඊට අයත්. එහි ප්‍රධානත්වය දරන්නේ පිලිපීනයේ පළපුරුදු මැතිවරණ නිරීක්ෂකයෙකු වන දමාසෝ මැග්බුවන් විසින්.
    පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය වන පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවෙමින් කියා සිටියේ තමාගේ ඉල්ලීම පරිදි මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම මෙරටට පැමිණෙන බවයි.

    මීට අමතරව මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දේශිය මැතිවරණ නිරික්ෂකයින් 4000ක් යෙදවීමට බලාපොරොත්තු වන බව පැෆරල් සංවිධානය පවසයි. මීට අමතරව විදේශීය නිරික්ෂකයින් ලෙස ඇන්ෆ්‍රල් සංවිධානයේ නිරීක්ෂකයින් 46 දෙනෙකු කටයුතු කර ඇති බවයි එම සංවිධානය පවසන්නේ.

    Last modified on ඉරිදා, 10 නොවැම්බර් 2019 10:12

    Latest News