නිවැරදිව ඡන්දය සළකුණු කරන්න..වැරදුනොත් නව පත්‍රිකා නෑ..මැ.කො

නොවැ 09, 2019

    තමාට හිමි ඡන්ද පත්‍රිකාවේ නිවැරදිව තම මනාපය සලකුණු කිරිමට නොහැකි වූ ඡන්ද දායකයින්ට යළි ඡන්ද පත්‍රිකාව ලබා නොදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    එම නිසා මනාපය සලකුණු කිරිමේදී සැලකිලිමත් ලෙස කටයුතු කරන්නැයි, සභාපතිවරයා ජනතාවට දැනුම් දෙයි. මහින්ද දේශප්‍රිය මහාත පවසන්නේ, හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති පුද්ගලයින් වෙනුවෙන් විශේෂිත කඩදාසියක මුද්‍රිත නම,ලිපිනය,හැදුනුම්පත් අංකය හා ඡායාරූප සහති ජාතික හැඳුනුම්පත් තොරතුරු ඇතුළත් තහවුරු කිරීමේ ලිපියක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බවයි.

    ඒ අනූව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ එම ලිපිය ඡන්ද ප්‍රකාශ කිරීමට වලංගු ලියවිල්ලක් ලෙස පිළිගැනෙන බව ද කොමිසම පවසයි.

    Last modified on සෙනසුරාදා, 09 නොවැම්බර් 2019 07:56

    Latest News