මහින්දයි - තිලංගයි පිළිගන්න බෑ

මැයි 22, 2023

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස මහින්ද අමරවීර මහතා හෝ තිලංග සුමතිපාල මහතා පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

    මේ සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු කටයුත්ත අවසන් වන තෙක් එම තීරණය ක්‍රියාත්මක බවයි මැතිවරණ කොමිසම කියා සිටින්නේ.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරය සම්බන්ධයෙන් මහින්ද අමරවීර මහතා මැතිවරණ කොමිසමෙන් විමසීමක් කර තිබුණා.

    මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ තීරණය ලිපියක් මගින් මහින්ද අමරවීර මහතා වෙත යොමු කර තිබෙනවා.

    ඒ, අතිරේක මැතිවරණ කොමසාරිස් බී.පී.සී.කුළරත්න මහතා මහතාගේ අත්සනින්.

    ඒ අනුව, අදාළ නඩු කටයුත්ත අවසන් වන තෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා මහින්ද අමරවීර මහතා හෝ තිලංග සුමතිපාල මහතා පිළිගැනීම අත්හිටවෙනු ඇති.

    තිලංග සුමතිපාල මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස පත් කිරීම නීති විරෝධී බව පවසමින් අධිකරණය හමුවේ අදාළ නඩුව ගොණු කර ඇත්තේ මහින්ද අමරවීර මහතායි.

     

    Latest News