මැ. කො. සභාවට නව සාමාජිකයන් ඉදිරි දින කිහිපය තුළ

ජූනි 25, 2023

    මැතිවරණ කොමිෂන් සභාවට තෝරාගත් නව සාමාජිකයන් 5 දෙනා පිළිබඳ වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියට යොමු කරන බව, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

    එම සාමාජිකයන් තෝරා ගනු ලැබුවේ, පසුගියදා රැස්වූ ව්‍යස්ථාදායක සභාව විසින්.

    මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධුරය සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පත් කිරීමට ව්‍යාස්ථාදායක සභාව අනුමැතිය දී ඇති බව,කථානායකවරයා සඳහන් කළා. ඊට අමතරව සෙසු සාමාජිකයින් ලෙස හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.ඒ.පී.සී. පෙරේරා, හිටපු නීති කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතිඥ දීපානී කුමාරජීව, නීතිඥ අමීර් ෆායිස් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය රමේෂ් රාමසාමි යන මහත්ම මහත්මින්ගේ නම් යෝජනා වී තිබෙනවා. අදාල යෝජනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු ඉදිරි වසර 5ක් සඳහා ඔවුන්ගේ නිල කාලය ක්‍රියාත්මකයි.

    Latest News