කරේයිතිව් මුහුදේ පාවෙමින් තිබූ බීඩි කොළ පාර්සල් 52ක්..

නොවැ 09, 2019

    කරේයිතිව් මුහුදු ප්‍රදේශයේ මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 3018.80ක් නාවික හමුදාව විසින් සොයා ගෙන තිබේ. මෙම බීඩී කොළ තොගය පාර්සල් 52 ක බහා තිබිණ.

    නීති විරෝධී අන්දමින් මෙරටට රැගෙන ඒම සඳහා මුහුදේ පා කිරීමට කටයුතු කර ඇතැයි සැක ‍කරන අතර. අදාල බීඩී කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අධ්‍යක්ෂ ජෙනරාල් රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

    4

    3

    7

    6

    Last modified on සෙනසුරාදා, 09 නොවැම්බර් 2019 08:06

    Latest News