පොහොට්ටුවේ බිය උපදන මැතිවරණ ව්‍යාපාරය හෙලි කිරිමට සජිත්ගෙන් මහින්දට අභියෝගයක්

නොවැ 08, 2019

    මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොදුජන පෙරමුණ බිය උපදවන අයුරින් ක්‍රියාත්මක කරණ මැතිවරණ ව්‍යාපාරයට අති පූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා ඇදගෙන යාමට ගත් උත්සාහය තරයේ හෙළා දකින බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කරුණු විකෘති කරමින් දේශපාලන විවාදයකට අවතීර්ණ වන ලෙස මහින්ද රාජපක්ෂ මහතා පසුගිය බදාදා අති පූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටි බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දේ.

    තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපත් ලබාගත් පළමු අය අතර පූජ්‍ය මහා නාහිමිවරුන් වන බව සජිත් ප්‍රේමදාස මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට යොමු කළ ලිපියෙන් පෙන්වා දි ඇත.

    ඒකීය රාජ්‍යක් තුළ, උපරිම බලය බෙදා හැරීමට මම කැපවී සිටින බවත් එය “ඒකීය නොබෙදුණු හා බෙදිය නොහැකි රටක්” ලෙස හඳුන්වන්න බවත් එහි සඳහන්වේ. තමා විසින් රටේ භෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දී ඇති බවත් ඔහු කියා සිටි.

    නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට යොමු කළ අභියෝගය

    ගරු මහින්ද රාජපක්ෂට මාගේ අභියෝගය.....

    ඔබේ බිය උපදවන මැතිවරණ ව්‍යාපාරයට අති පූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා ඇදගෙන යාමට ඔබ ගත් මංමුලා සහගත උත්සාහය මම තරයේ හෙළා දකිමි. මගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරුණු විකෘති කරමින් සහ වැරදි ලෙස නිරූපණය කිරීමෙන් ඔබ වෙනුවෙන් දේශපාලන විවාදයකට අවතීර්ණ වන ලෙස ඔබ බදාදා මෙම අති පූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියහ.

    ඔබේ දැනගැනීම සඳහා, මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපත් ලබාගත් පළමු අය අතර පූජ්‍ය මහා නාහිමිවරුන් ද වුහ. මට මේ රටේ ජනතාවගෙන් සැඟවීමට කිසිවක් නැත.

    ඒකීය රාජ්‍යක් තුළ, උපරිම බලය බෙදා හැරීමට මම කැපවී සිටිමි. මම එය “ඒකීය නොබෙදුණු හා බෙදිය නොහැකි රටක්” ලෙස හඳුන්වන්නෙමි. ඔබට එය “ඒකීය රාජ්‍යයක්” ලෙස හැඳින්විය හැකි ය. අපගේ එකමුතුකම පමණක් නොව, මම නැවත නැවතත් රටේ භෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දී ඇත.

    අපේ රාජ්‍යයේ එක්‍‍සෙත්කම, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවයට මා දකින ලොකුම තර්ජනය වන්නේ අන්තවාදීන්ගේ කල්ලියකි. ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා ඔවුන් අපේ ජනතාව බිය ගැන්වීමට හා බෙදීම ඇතුළුව ඕනෑම දෙයක් කිරීමට ඔවුන් සූදානමින් සිටී. ඔබ මෙහෙයවන දේශපාලන සන්ධානය අපේ රට මෙතෙක් දැක ඇති සෑම අන්තවාදී වර්ගයකින්ම පිරී තිබේ.

    ඔබේ සහෝදර අපේක්ෂකයාට විවාදයකට මුහුණ දීමට හෝ කිසියම් වැදගත් ප්‍රශ්නයකට පිළිතුරු දීමට ධෛර්යය නොමැති බැවින්, පහත සඳහන් ප්‍රශ්නවලට ඔහු නොදෙන පිළිතුරු, ඔබට ජනතාවට ලබා දිය යුතු ය.

    1. පිල්ලයාන් සමඟ ඔබේ රහස් ගනුදෙනුව

    නත්තල් උත්සවයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තම දෙවියන් වහන්සේ ඉදිරියෙහි යාඥා කරමින් සිටියදී ඔහුව මිනීමැරීම සිදුකල පිල්ලයාන්ගේ සහයෝගය වෙනුවෙන් ඔබ ඔහුව නිදහස් කරන බවට පොරොන්දු විය.

    පිල්ලයාන් නැගෙනහිර ජනයාගේ ළමයින් පැහැරගෙන ගොස් ඊලාම් වෙනුවෙන් සටන් කිරීමට ඔවුන්ට බල කළා. ඔබ ඔහුව නිදහස් කළ පසු ඔහු නැවත වරක් නැගෙනහිර ජනයාව බිය ගැන්වීමට පිල්ලයාන්ට ඉඩ දෙන්නේ ද?

    2. වර්ඩරාජා පෙරුමාල් සමඟ ඔබේ රහස් ගනුදෙනුව

    ඔබේ සහෝදරයාට පක්ෂපාතී බවට ප්‍රකාශ කල වර්දරාජා පෙරුමාල්, මහ ඇමති ලෙස නීති විරෝධී ලෙස ඊලාම් ප්‍රාන්තයක් ප්‍රකශයට පත් කර ඊලාම් ධජය ඔසවා තැබූ අයෙකි. මෙම ඊලාම්වාදියාගේ පක්ෂපාතිත්වය දිනා ගැනීමට ඔබ පොරොන්දු වී ඇත්තේ කුමක්ද?

    3. කරුණා අම්මාන් සමඟ ඔබේ රහස් ගනුදෙනුව

    පොලිස් නිලධාරීන් 600 ක් මිනීමැරු, අපගේ අතිශයින්ම පරිශුද්ධ දළදා මාලිගාවාට බෝම්බ හෙලූ, සහ අරන්තලාවා හි පදිංචිකරුවන් මිනීමැරු කරුණා අම්මාන් සමඟ ඔබ ඇතිකරගත් රහසිගත ගිවිසුම කුමක්ද?

    4. එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සමඟ ඔබේ රහස් ගනුදෙනුව

    ඔබේ පක්ෂය සෑම කඳු මුදුනකින්ම එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධිත ත්‍රස්තවාදියෙකු බව කෑගැසූ පසු, ඔබේ සහෝදරයාට දෙවන ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඔහුගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටීම වෙනුවට ඔබ ඔහුට ලබා දුන් රහසිගත පොරොන්දුව කුමක්ද?

    නිමක් නැති ජනවාර්ගික ගැටුම්වලින් සිදු වූ විනාශය දුටු ඔබ වාගේ පරිණතභාවයකින් දේශපාලන නායකයෙකුට, ඔබේ බලය සඳහා වූ පිපාසයෙන්, පුරවැසියන් අතර බෙදීම් හා භීතියේ ගිනිදැල් වැපිරීමට හැකි වන්නේ කෙසේදැයි මට තේරුම් ගත නොහැකිය.

    ජනවාර්ගික හා ආගමික බෙදීම් නොතකා, සියලු ශ්‍රී ලාංකිකයන් එකට එක්වී ඉදිරියට ගෙන යාම ඔබේ සහ මගේ යුතුකම වන අතර, ඔබේ පටු දේශපාලන වාසි තකා එකිනෙකාට විරුද්ධව වීමට ඔවුන්ව පොළඹවා නොගත යුතු ය.

    ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයකින් බලය අත්පත් කර ගැනීම සඳහා වසරකට පෙර අපේ උත්තරීතර නීතිය පාගා දැමූ දේශපාලයකුගෙන් අපගේ ස්වෛරීභාවය සහ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම පිළිබඳ දේශන වලට සවන්දීම මම ප්‍රතික්ෂේප කරමි.
    පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව ඔබ ප්‍රතික්ෂේප කළා. කර්තෘ ලසන්ත වික්‍රමතුංගේ ඝාතනයේ සංවත්සරය වන ජනවාරි 8 වන දින එම මැතිවරණය පැවැත්වීම අහම්බයක් යැයි මම විශ්වාස නොකරමි.

    මෙම ජනාධිපතිවරණය නොවැම්බර් 16 වන දිනට යෙදී තිබීම ඔබේ ඉරණම විය හැකිය. ඔබේ නීති විරෝධී පාලනය පාර්ලිමේන්තුවේ දී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පරාජය වූ විට ඔබ හා ඔබේ සගයන් ප්‍රතිචාර දැක්වූ යේ කෙසේ ද යන්න මුළු රට ම දුටු දිනයේ වසරක සංවත්සරයයි.

    මෙම සංවත්සරයේදී මේ රටේ ජනතාව, ඔබේ බල පිපාසයට වඩා ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන බව ඔප්පු කරනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.

    සජිත් ප්‍රේමදාස පා.ම.

    Latest News