මැතිවරණ කොමිෂන් සභාවට තෝරාගත් නව සාමාජිකයන් 5 දෙනා පිළිබඳ වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියට යොමු කරන බව, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස මහින්ද අමරවීර මහතා හෝ තිලංග සුමතිපාල මහතා පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (08) කැඳවා තිබේ.

මේ මොහොතේ රට තුළ පවතින අස්ථාවරභාවය සමනය කර ගැනීම හා ජනතාවගේ මූලික අවශ්‍යතා ස්ථාවරව ලබා දීම ප්‍රමුඛ කාර්යයක්ව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

එක්සත් ජාතික පක්ෂයට පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද දැනුම් දී තිබේ.

මැතිවරණය වෙනුවෙන් රැස්වීම් පැවැත්වීම අගෝස්තු 02 දා රාත්‍රී 12න් අවසන් බව බවත්, එදින රාත්‍රී 10 සිට ප්‍රචාරක යන්ත්‍ර භාවිත කිරීම තහනම් බවත් මැතිවරණ කොමිසම අවධාරණය කරයි.

දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (27) මැතිවරණ කොමිසමේ දී පැවැත් වීමට නියමිතව ඇත.

සියළු දිස්ත්‍රික්කවල නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමඟ සාකච්ජාවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද පැවැත්විණ.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපනය කර ඇතැයි, මැතිවරණ කොමිෂන්‌ සභාව පවසනවා.

සෞඛ්‍යරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වෙයි.

Latest News