මොරගහකන්ද දොරටු ජනපති අතින් හෙට විවර වෙයි

නොවැ 29, 2018

    මොරගහකන්ද ජාලශයේ වාන් දොරටු විවෘත කිරීම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට සිදු කිරීමට නියමිත බව, ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පී.ජී.දයානන්ද මහතා පවසයි.

    ජලාශයේ සමස්ත ජල ධාරිතාවයෙන් 98.4ක් මේ වන විට පිරී අවසන්.

    කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ ඉදිකෙරුණු අවසන් වාරි යෝජනා ක්‍රමය මොරගහකන්ද ව්‍යාපෘතියයි. ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසක්. කුඹුරු අක්කර 82,000ක් ඉන් අස්වැද්දීමට නියමිතයි. ජලාශයේ ජල මට්ටම මේ වන විට පිටාර මට්ටමට ළඟා වී තිබේ. අක්කර අඩි හාර ලක්ෂ හතළිස්දහස් හයසිය තිස් තුනක ජල ධාරිතාවක් මේ වන විට ජලාශයේ රඳවාගෙන ඇති අතර, එය පරාක්‍රම සමුද්‍රය මෙන් සිව් ගුණයකට අධික බවයි, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසන්නේ.

    ජලාශයේ උපරිම ජල මට්ටම වන අඩි 185ක් සම්පූර්ණ වීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ, අඩියක් පමණයි. මෙම තත්වය අද සවස් කාලය වන විට සම්පූර්ණ වනු ඇතැයි, විශ්වාස කෙරෙන්නේ.
    ඉතා කෙටි කලකින් මොරගහකන්ද ජලාශය පිරි යාම නිසා කිසිඳු ගැටලුවකින් තොරව පශල නිම්නයේ ගොවි ජනතාවට ජලය ලබා දිය හැකියි. ජලාශයෙන් මේ වන විට විදුලිය නිෂ්පාදනය කෙරෙන අතර, ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන විදුලිය ප්‍රමාණය කිලෝ වොට් 25ක්.

    Latest News