පාසල් තුල ඩෙංගු යළි හිසඔසවන ලකුණු

නොවැ 29, 2018

    පාසල් පරිශ්‍රවලින් 15%ක, ඩෙංගු බෝවිය හැකි අවදානම් තත්වයක් මතුව ඇති බව, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

    ඩෙංගු රෝගීන්ගෙන් තුනෙන් එකක් පාසල් දැරුවන් බවයි, අනාවරණය වී ඇත්තේ. නිවාඩු කාලය ආරම්භ වීමට පෙර පාසල් පරිශ්‍ර තුළ ඩෙංගු මදුරුවන් බෝවීමට හැකි ස්ථාන නොමැති බවට තහවුරු කර ගැනීමෙන්, සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීම සඳහා පාසල් වෙත පැමිණෙන දරුවන් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කරගැනීමේ වගකීම, පාසල් ප්‍රධානීන්ටත්, ගුරුවරුන්ට, දෙමාපියන්ට හා සිසුන්ට ද පැවරෙන බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    පාසල් පරිශ්‍රවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව පවසන ජාතික ඩෙංගු මර්දන ඒකකය, වැසි තත්වය හමුවේ මෙය පාලනය කර ගැනීමට සියලු පාර්ශවයන්ගේ සහයෝගය අපේක්ෂා කරයි.

    මේ වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 43,000කට ආසන්නයි. එය පෙර වසරට වඩා 70%ක අඩුවීමක්. මෙම තත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වැඩි අවධානයක් ඩෙංගු මර්දනය කෙරෙහි යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Latest News