හැමදාම මට බැනල ගෙදර යන්න පුළුවන් නිදහස් සමාජයක් තියෙනවා: සුදුවෑන් නැහැ - අගමැති රනිල්

නොවැ 01, 2019

    ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂා කළ හැකි අපේක්ෂකයා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පක්ෂ ගණනාවක් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ලෙසින් සන්ධානගත වීමේ ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට අද(01) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    අද දිනයේ මෙම ස්ථානයට රැස්ව ඇත්තේ, සුදුවෑන් නවත්තපු අය බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා පැවසීය. එක්නැලිගොඩ වැනි අය අතුරුදන් කිරීම නැවතු අයත්, රටට නියම ප්‍රජාතන්ත්‍රවාදයක් ගෙනා පිරිසත් මෙම ස්ථානයට රැස්ව ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    අද වන විට වසර 5 කට පසුව නිදහස් සමාජයක් රට තුළ ඇති කර ඇතැයි පැවසු අගමැතිවරයා, ඒ සමාජය තුළ කිසිවෙකුට නීතියෙන් තොරව පොලීසියට ගෙන යා නොහැකියි තත්ත්වයක් උදාකර ඇතැයි ද කියා අවධානය කළේය. රටේ කිසිදු මාධ්‍යවේදියෙක් අද වන විට අතුරුදන් නොවන බවත්, අද සුදුවෑන් වෙනුවට එන්නේ සුවසැරිය පමණක් බව අගමැතිවරයා පැවසීය.

    තමාට බැන ගෙදර යන මාධ්‍යවේදියා නැවත වතාවක් හෙට උදෑසනත් තමාට බැන බැන රැකියාවට යන බවත් පැවසු අගමැතිවරයා එවන් නිදහස් සමාජයක් ඉදිරියටත් ගෙනයා යුතු බව කියා සිටියේය. අද වන විට එයට තර්ජනයක් ඇතිව තිබෙන බවත්, ජාතික ආරක්ෂාවට ඇති තර්ජනය නිසා නිදහස් පරිසරයක් අවශ්‍ය නොමැති බව ඇතැමුන් පවසන බවත් ඔහු මෙහිදී පැවසීය.

    පාස්කු ඉරිදා ප්‍රහාරයේ සම්බන්ධ සියලු දෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන අවසන් බව පැවසු අගමැති එනිල් වික්‍රමසිංහ මහතා, ඒ සියල්ල සිදු කරනු ලැබුවේ නීතියෙන් බවත් කියා සිටියේය. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ අන්තවාදී සංවිධානයක් නම් එය නැති කළ යුතු බවත් අයි.එස්.අයි.එස් සංවිධානාය විනාශ කර දැමීමට අවශ්‍ය බව තමා පැවසු බවත්, එහි නායකයා මියගිය පසු ඒ ගැන පණිවිඩයක් යැවු බවත් මෙහිදි සිහිපත් කළේය.

    මේ රටේ සමාජය ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු දේ කරන බව, එම ජයග්‍රහණය ඉදිරියට ගෙන යන්නේ නැතිනම් විශාල අඳුරු යුගයකට රට ඇඳ වැටෙන බවත් අගමැතිවරයා කියා සිටියේය. දුප්පත්කම නැති කළ යුතු බවත් පැවසු අගමැතිවරයා, ඒ සියල්ල කළ හැකි අපේක්ෂකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා යැයි අවධාරනය කලේය.

    Latest News