රාවණා 1 කණ්ඩායමේ චාමිකා හරසරින් පිළිගැනේ

නොවැ 01, 2019

    ශ්‍රී ලාංකික නාමය යටතේ කක්ෂගත කළ රාවණා 1 චන්ද්‍රිකාවේ නිෂ්පාදන කණ්ඩායමේ සමාජිකාවක් වන දුලානි චාමිකා විතානගේ වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් පසුගිය දා සංවිධානය කෙරිණ.

    කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක් වන ඇය දිවයිනට පැමිණීම නිමිත්තෙන් එම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය දෙමව්පියන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබිණ.

    ඇය පළමු වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇත්තේ කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ වන අතර අපොස උසස් පෙළ සඳහා වෙනත් පාසලකට ඇතුළත් ව තිබේ. පසුව ඉංජිනේරු විද්‍යාව හැදෑරූ ඇය තම පූර්ණ දායකත්වය ශ්‍රී ලංකාවෙන් කක්ෂගත කළ පළමු චන්ද්‍රිකාව වන රාවණා 1 චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට ලබාදී ඇත.

    ඇය ඇගයීමේ උත්සවය සංවිධානය කර තිබුණේ විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනි කමනි ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය උපදෙස් පරිදියි. මේ අවස්ථාවට හිටපු විදුහල්පතිවරුන් වන JG යසපාල මහතා රත්නපාල පෙරේරා මහතා ඇතුළු පිරිසක් එක් වී සිටියා.

    ඇය අමෙරිකා එක්සත් ජනපදයේ සිට කෙටි නිවාඩුවකට දිවයිනට පැමිණ තිබේ.

    Last modified on සිකුරාදා, 01 නොවැම්බර් 2019 12:12

    Latest News