ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තු පවත්වාගෙන යාම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක මහින්දි රාජපක්ෂ මහතා සහ ඇතුළු පක්ෂ නායකයින්, මන්ත්‍රීවරුන් අද කථානායක කරු ජයසුරිය මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂස මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුභ පැතුම් පිරිනමා තිබේ.

නොවැම්බර 16 වන දා ජනතා තීරණය මුළු රටම ධර්මද්වීපයක් කරලීමට සජිත් ප්‍රේමදාස මහතා පත් කරගන්නවා ද, නැතිනම් හැම නිවසක්ම මස් මඩුවක් හා මස් කඩයක් කිරිමට ප්‍රතිඥා දී ඇති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත් කර ගන්නවා ද යන්න බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දේ.

2015 ට පෙර ත්‍රස්තවාදීන් ඝණයේලා සැලකු කන්ද උඩරට දෙමළ ජනතාවට යළි නිදහස සහ ගරුත්වය උදාකර දුන්නේ යහපාලන ආණ්ඩුව විසින් බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයේදී ආණ්ඩු පක්‍ෂයේ මුස්ලිම් අමාත්‍යවරුන්ට චෝදනා කළ රාජපක්‍ෂවරු ප්‍රධාන පොදුජන පෙරමුණ, අයි.එස්.අයි.එස්. නායකයා ඝාතනයට ලක්වීම ගැන මුණිවත රකින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නිදහසේ අදහස් ප්‍රකාශය කිරීමට, නිදහසේ ගමනක් බිමනක් යෑමට, නිදහසේ රැකියාවක් කිරීමට උතුරු- නැගෙනහිර ජනතාවට 2015 පෙර තිබූ සියලූ බාධාවන් පසුගිය වසර පහක කාලය තුළ ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදි පරිසරයක් රටපුරා ඇති කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂා කළ හැකි අපේක්ෂකයා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ණය බර ආර්ථිකයෙන් ඉවත්ව ණය නැති ආර්ථිකයක් වෙත රට ගෙන යනවාද, එසේ නොමැති නම් ණය බර වැඩිකර අනාගතය අදුරු කරගන්නවද යන තීරණය 16 වනදාට අප ගත යුතු බව අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රාදදේශීය දේශපාලකයින් කාන්තාවන් දූෂණය කිරිමේ දි සහ කාන්තාවන්ට අඩම්තේට්ටම් කරද්දී නෛතික ක්‍රියාමාර්ග නොගත් ආරක්ෂක ලේකම්වරයා, කාන්තාවන් ආරක්ෂා කිරීම ගැන කිඹුල් කඳුළු හෙළමින් අද ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධානරය කරයි.

ජනතා වරමින් බලයට පත් ආණ්ඩුවක් ව්‍යවස්ථා කුමණ්ත්‍රණයකින් ඉවත් කිරිමේ උත්සහය ලේ හැලීමකින් හෝ ජිවිත හානියකින් තොරව අවසන් කිරිමට හැකිවීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Latest News