ඉතිහාසයේ ප්‍රථම වරට මත්ද්‍රව්‍ය පරීක්ෂාව සඳහා රොබෝ යන්ත්‍ර

නොවැ 01, 2019

    ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට පොලිස් මත්‍ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ඒකකය විසින් මත්ද්‍රව්‍ය පරීක්ෂාව සඳහා රොබෝ යන්ත්‍ර 02ක් අද (01) සිට යොදා ගනු ලබයි.

    චීන රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීමේ අති නවීන යන්ත්‍ර ඇතුළු සෝදිසි කිරීමේ උපකරණ චීන තානාපති චෙන් ෂූආන් මහතා විසින් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

    ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි චීන රජය විසින් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය වැටලීම් සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් මෙම උපකරණ ලබාදි ඇත. ශ්‍රී ලංකා ආරක්ෂක මෙම අති නවීන උපකරණ භාවිතා කරනු ලබන පළමු අවස්ථාව මෙයවේ. මෙම උපකරණවල වටිනාකම රුපියල් මිලියන 750ක්. මීටර් 05ක සීමාව ඇතුලත සිටින පුද්ගලයන් සහ භාණ්ඩ අතර සඟවා ඇති පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ස්වංයක්‍රීයව හඳුනා ගැනීමට විශේෂ රොබෝ යන්ත්‍රවලට හැකිවේ. 

     

    Latest News