පළමු දිනයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම 80%

නොවැ 01, 2019

    මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ඊයේ (31) දිනයේ ආරම්භ වු අතර සමස්තයක් ලෙස සාමකාමීව තැපැල් ඡන්දය සළකුණු කිරීමේ කටයුතු සිදුවු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    ඊයේ දිනය තුළ තැපැල් ඡන්දය සළකුණූ කිරීම සාමකාමීව පැවතිබව පැෆ්රල් සංවිධානය ද පවසයි. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ සියයට අසූවක් පමණ ඊයේ දිනය තුළ තැපැල් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.

    ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු අද (01) දිනයේත් සිදුකිරීමට නියමිතයි.

    ඒ අතර ලබන 4 වන දින සහ 5 වන දිනවලදී පොලිස් ස්ථාන, දිස්ත්‍රික්ලේකම් කාර්යාලය සහ මැතිවරණ කාර්යාලවල නිළධාරීන්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව ලබා දී තිබේ.

    මෙම දිනවලදි තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු තැපැල්ඡ න්ද දායකයින් සිටිනම් ඔවුන් ලබන 07 වන දින තමන් සේවය කරන දිස්ත්‍රික්කයට අයත් මැතිවරණ කාර්යාලයට ගොස් තැපැල් ඡන්දය සළකුණූ කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

    Latest News