වැල්ලවායේ දී වන අලියෙකු මරුට

නොවැ 01, 2019

    වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආනපල්ලම ග්‍රාම නිලධාරී වසමේ තුනේ කනුව ප්‍රදේශයේ දී වන අලියෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.

    මියගිය වන අලියා අන්ද අලියෙකු බව ප්‍රදේශයේ ජනතාව පවසන අතර, එම අලියාට ඇතැම් පිරිස් විසින් වෙඩි තබා ඇති අතර එම තුවාල ද වන අලියාගේ ශරීරයේ දක්නට ලැබේ.

    මෙම වන අලියා පසුගිය දිනක පහලවරුනගම ප්‍රදේශයේ වලකට ඇද වැටුණු අතර, එහිදී අලියා ගොඩගෙන නැවත වනයට මුදා හැරිණ.

    මෙලෙස මියගිය වන අලියා වසය අවුරුදු විසිපහත් තිහත් අතර පසුවන බව, වනජීවි නිලධාරීන් පවසන අතර මරණයට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

    වන අලියාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරන පරීක්ෂණය අද (1) සිදුකිරීමට නියමිත අතර, වැල්ලවාය පොලිසිය සහ වැල්ලවාය වනජීවි කාර්යාලයේ නිලධාරීන් ඉදිරි විමර්ශන සිදුකරයි.

    Latest News