2020 -2025 ට ගැලපෙන ආර්ථිකය බිහි කරන්නේ සජිත්: තීන්දුව 11/16.... අගමැති රනිල්

ඔක් 30, 2019

    ණය බර ආර්ථිකයෙන් ඉවත්ව ණය නැති ආර්ථිකයක් වෙත රට ගෙන යනවාද, එසේ නොමැති නම් ණය බර වැඩිකර අනාගතය අදුරු කරගන්නවද යන තීරණය 16 වනදාට අප ගත යුතු බව අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ඊයේ (29) මහරගම පැවති ජන රැළිය අමතමිනි.

    අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ මහතා......

    “නොවැම්බර් මස 16 වනදා තමයි ඔබ රටේ අනාගතය තීරණය කරන්නේ. 2015 සිට සංවර්ධනයට අප ගත් පියවර ඉදිරියට යනවද? අතරමග නතර වෙනවද කියලා ඔබ තීරණය කරන්න. යුද්දයෙන් පසු රාජපක්ෂලා වරමක් ගත්තා. ඉන් පසු වුණේ දියුණුව කුමක්ද?ඔවුන්ගේ පවුලේ දියුණුව. මේ නිසා ඊළග වසර පහේදි අපි රටේ දියුණුව තහවුරු කර ඉදිරියට ගියේ නැත්තං ඔබට තිබෙන්නේ අදුරු අනාගයක්. ඔබ ලංකාවේ හොද ජිවිතයක් ගෙන යන්න කැමතියිද?එහෙම නැත්තං, අනාගතයක් නැහැ කියලා මැදපෙරදිග, කොරියාව, ජපානයට යනවද කියන තීරණය ගන්න ඕන. ඔබ සජිත් ප්‍රේමදාස ජනාධිපති කරලා රට ඉදිරියට ගෙන යනවද කියලා තීරණය කරන්න. රාජපක්ෂ පාලනයේ දී රටට ආදායම් නැතුව පෙට්ට්‍රල් මිල, බදු වැඩිකරමින් ජනතාව සුරාකෑවා එහෙම තිබ්බ රටක් අපි භාරගත්තේ. අපි කොහොම හරි මේ රට ගොඩනගන්න උත්සහ කළා. අපි මුලින්ම කලේ රජයේ සේවකයින්ගේ පඩි වැඩිකළ එක. පුද්ගලික අංශයේ හොද වැටුප් මට්ටමක් ඇති වන ක්රේමවේද හැදපු එක. සෞඛ්‍ය දියුණු කළා. ළගම පාසල හොදම පාසල, ගංඋදාව නිවාස ව්‍යාපෘතිය සජිත් ප්‍රේමදාස මැතිතුමා ආරම්භකළා. එලෙස අප සංවර්ධනය කරා ගමන් කළා. මේ නිසාම දැන් අපිට ජපානයෙන්, චීනයෙන් බැදුම්කර ගන්න අපිට ආරාධනා කළා. අද අපිට තීරණය කරන්නේ අපි ණය බර ආර්ථිකයෙන් ඉවත්ව ණය නැති ආර්ථිකයක් ගෙන එනවද? නැත්තං ණය බර වැඩිකරලා අනාගතය අදුරු කරගන්නවද කියලා.

    අපනයන ආර්ථිකයකට අප යා යුතුයි. ඒ සදහා දේශිය විදේශිය ආයෝජකයින්ගේ විශ්වාසය තිබිය යුතුයි. අපිට ඔවුන් භාරදුන්නේ නැව් නැති වරායක්, මත්තල ගුවන් තොටුපල මේ වරාය දියුණු කරගන්න අපි ක්රි්යාකරනවා. දකුණු අධිවේගී මාර්ගය ආරම්භ කළා. මධ්‍යම අධිවේගි මාර්ග අපි ආරම්භ කර තිබෙනවා. විදුලි බලාගාර තුනක් ආරම්භ කරන්න ක්‍රියා කරමින් ඉන්නවා. බිංගිරිය අක්කර දාහක් අරගෙන එක් ආයෝජන කලාපයක් ආරම්භකර තිබෙනවා. මේ නිසා 2020-2025ට ඔබින ආර්ථිකයක් ඇති කරන්න තමයි සජිත් ප්‍රේමදාස කටයුතු කරනවා.

    අපේ වැරදි අඩුපාඩුකම් තිබෙනවා, ඒත් අපිට ශක්තියක් තිබෙනවා. ඒ වැරදි හදාගෙන අප කටයුතු කළ යුතුයි. අපි අමාරුකාලේ රට ආරක්ෂා කළා. දැන් ඉතුරු වැඩ ටික කරන්න අපට තිබෙන්නේ. ණය බර තිබෙන ආර්ථිකය තවත් වැඩිකරනවද?ණය නැති ආර්ථිකයක් ඇති කර අපි හොදින් ජිවත් වෙනවද?යන්න ඔබ තීරණය කරන්න”යන්න ප්‍රකාශ කළේය.

    Latest News