පාලකයෝ ජනතාව අතුරුදහන් කරන්නන් විය නොහැකි: සන්සුන් මනසක්, සොදුරු දැක්මක් අවශ්‍යයි - සජිත්

ඔක් 30, 2019

    යොවුන් ප්‍රඥප්තිය තුළ ඇති වැඩපිළිවල ක්‍රියාවට නංවමින් තරුණ පරපුරේ අයිතිය ආරක්ෂාවන වැඩපිළිවලක් ඇති කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (29) මහරගම පැවති ජන රැළියේදී ප්‍රකාශ කළේය.

    මෙහිදී අදහස් දැක්වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා......

    “යොවුන් ප්‍රඥප්තියක් අප ගෙන ආවා. ඒ තුළ ඇති තරුණ පරපුරේ අයිතිය ආරක්ෂා වන වැඩපිළිවල අප ඉදිරියට ගෙන ආ යුතුයි. යොවුන් පරපුරේ  සාමාජිය, ආර්ථික, දේශපාලන අයිතිය තහවුරු කරන්න රටේ නීති නිර්මාණය කරන්න අප බලාපොරොත්තු වෙනවා.

    ඒකීය ශ්‍රි ලංකාව ආරක්ෂා කරමින්, බුදු දහමට මුල් තැන ලබා දෙමින්, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අපි දැවැන්ත කැප කිරීම්   කරන්න කටයුතු කරනවා. එය අපේ වගකීම. යුතුකම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවේ ඇති පරිදි සම්බුද්ධ ශාසනයට උසස් ස්ථාවරයක් ලබා දෙන්න අප කටයුතු කරනවා. මේ රටේ බුද්ධශාසන අමාතශංය ඇති කලේ දිවංගත  මගේ පියාණන්. බුද්ධ ශාසන අරමුදල ස්ථාපනය කර සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන්න ගම් උදාවක් ගම් උදාවක් පාසා චෙත්‍යයන් ඇති කළා. මමත් සෑබෑ ප්‍රායෝගිය බෞද්ධයෙක් ලෙසින් පසුගිය වසර හතරා හාමාර තුළ විහාරස්ථාන 1125 චෙත්‍යය හැදුවා.

    අපේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරනවා සේම, පොදු ජනතාවගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කළ යුතුයි. රාජ්‍යය පාලකයෝ මේ රටේ ජනතාව අතුරුදහන් කරන පුද්ගලයින් වෙන්න  බැහැ. රාජ්‍ය පාලකයින් සන්සුන් මනසකින්, සොදුරු දැක්මකින් මනුෂ්‍යත්වයෙන් ශක්ති සම්පන්න ජව සම්පන්න මාතෘභුමියක් නිර්මාණය කළ යුතුයි. මේ ලබා තිබෙන නිදහස වටින්නේ නැද්ද? යම් ප්‍රතිපත්තියකට විරුද්ද වනවා නම් ඒවාට විරුද්දව හඩක් නැගීම, තමන් විශ්වාස කරන දේශපාලන න්‍යායක් අනුගමනය කිරීම, තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මහ පාරේ උද්ඝෝෂණය කිරීම, පෙළ පාලි යාම, පාද යාත්‍රායාම මානවයින්ගේ නිදහස. අයිතිය.

    sajithrally px 900 19 10 30

    මානව හිතවාදී රජයක් හරහා  පොදු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට මුල් තැන දිය යුතුමයි. එවිට අපට දියුණු ලෝකයකට යා හැකියි. මානව හිතවාදී මාතෘභුමියක් ඇති කළ හැකියි.

    රට තුළ ජවසම්පන්න සංවර්ධනයක් ඇති කිරීමේ කාලය එළබිලා තිබෙන්නේ. ඒ සදහා දැනුම මත පදනම් වූ ආර්ථිකයක් නිර්මාණය කළ යුතුයි. දැනුම මත පදනම් වු ආර්ථිකයක් නිර්මාණය කරමින්, අපනයන කේන්ද්‍රගත ආර්ථිකයක් අප ඇති කරගත යුතුයි.ඒ තුළ සැමට සෞභාග්‍ය ඇති යුගයක් ආරම්භ කළ යුතුයි. මේ වාට සෘජු විදේශ ආයෝජන ලැබිය යුතුයි. එසේ නම් එයට ජ්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරයුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටවලට සෘජු විදේශ ආයෝජන කරන්න  අකමැත්තක් තිබෙනවා. දරදඩු පාලනයක් තුළ විදේශ ආයෝජන අඩු වෙනවා. රටතුළ විදේශ ආයෝජන ප්‍රවර්ධනය කර, කර්මාන්ත ශක්තිමත් කර යුතුයි. කර්මාන්ත ප්‍රවර්ධනයක් තුළ මේ රටට සම්පත් උපදවන යුගය ඇති කරනවා. විරැකියාව ඉවත් කරන, යොවුන් පරපුරට ශක්තියක් ලබා දෙන යුගය නිර්මාණය කරන්නට සජිත් ප්‍රේමදාස ලෑස්තියි.

    අපි දුප්පත් කමින් මිදෙන්න ඕන. සමෘර්ධි වැඩසටහන ශක්තිමත් කරමින් රණසිංහ ප්‍රේමදාසගේ ජනසවිය වැඩසටහනත් ක්‍රියාත්මක කර කෙටි කාලයක් තුළ මේ රටේ දුප්පත් කමට පැහැදිලි විසදුමක් ලබා දෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල් වැඩිකරනවා. සෞඛ්‍යය ශක්තිමත් කරනවා. රෝහල් පද්දතිය තව දුරටත් ශක්තිමත් කරමින්, පවතින  අඩුපාඩු මගහරවා ගෙන සෑම ක්ෂත්‍රයක්ම ශක්තිමත් කරමින් ඉදිරියට යන්න අප කටයුතු කළ යුතුයි...”යනුවෙන් සදහන් කළේය.

    sajithrally2 px 900 19 10 3

    Latest News