2015 ගෙදර යවපු ආණ්ඩුව යළි මේ රටේ පිහිටුවන්න එපා;අපි අළුත් ආණ්ඩුවක් හදමු..අනුර (වීඩියෝ)

ඔක් 24, 2019
  • ජාතික ජන බලවේගයේ ජන හමුවක් වැල්ලවාය ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට දී ඊයේ සවස පැවැත්විණ.

    ඒ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

    මෙහිදි අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා...

    "ජනතාව ඡන්ද පොළට ගිහිල්ලා අළුත් ආණ්ඩුවක් හැදීම පිළිබඳ බලාපොරොත්තුවකින් ඡන්ද දෙන්නේ ඇයි? තමන්ගේ ප්‍රශ්න ටික විසඳයි කියලා..හැබැයි සිද්ධ වුණේ මොකක්ද, ආණඩුවක් හදලා ටික කාලයක් යනකෙට ජනතාවට තේරුම් යනවා මේ ආණ්ඩුවත් වැඩේ අප්සට්..අපිට කියපුවා නෙවේ කරන්නේ..අපේ බලාපොරොත්තුවලට පටහැනිව තමයි කටයුතු කරන්නේ..2015 මහින්දගේ ආණඩුව වැට්ටුවේ භාණ්ඩවලට විශාල ලෙස බදු ගැහුවා..350 පොහොර මිටිය 500කළා. කෘෂි රක්ෂණ මණ්ඩලය පාඩුකරලා ගොවි විශ්‍රම වැටුප කප්පාදු කළා. අසීමිත ලෙස බදුබර ගැහුවා.කිරිපිටිවලට බදු ගැහුවා, පෙට්‍රල් ඩීසල්වලට බදු ගැහුවා. ජනතාවට දරා ගන්න බැරි වියදමක් ඇති කලා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය නැතිකලා. වංචා දූෂණ පිරිනු ආණ්ඩවක් බවට පත්වුණා.ඒ නිසා ජනතාව මොකද කලේ. 2015 ඒ ආණ්ඩුව වට්ටලා අළුත් ආණඩුවක් හැදුවා..

    ආයෙ වෙලාතියෙන දේ තමයි අලුත් හදපු ආණඩුව දැන් ගෙදර යවන්න ඕන කියලා කල්පනා කරනවා. ඒක පරාද කරන්න ඕන කියලා කල්පනා කරනවා..ඔව් පරාද කරන්න ඕන.හැබැයි පරාද කරලා ගේන්න ඕන කවුද? 2015 මේ රටේ ජනතාව මේ රට විනාශයට පත් කරයි කියලා ගෙදර යවපු මහින්දගේ පාලනයක් ද ආයේ දහන්න ඕන..නෑ අපි තමුන්නාන්සේලාට ආරාධනා කරනවා..2015 දී පරාජය කළ ආණ්ඩුව යළි මේ රටේ පිහිටුවන්න එපා..අපි අළුත් ආණ්ඩුවක්, අලුත් පාලනයක් නොවැම්බර් මාසේ 16 වැනිදාට හදමු.."

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2019 13:21

    Latest News