පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 3කට මරු කැදවමින් රිය අනතුරක්

ඔක් 24, 2019

    පුත්තලම-අනුරාධපුරය ප්‍රධාන මාර්ගයේ විශේෂ කාර්යබලකා කදවුර අසළ දී වෑන් රථක් ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙක් මියගොස් තිබේ.

    හත් දෙනෙක් තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබේ.

    වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව තිබේ. මියගොස් ඇත්තේ අවුරුදු 3ක් වයසැති කුඩා දරුවෙක් ද වන බවයි අප වාර්තාකරු පවසන්නේ. මොවුන් කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මඩු වන්දනාවේ ගොස් නැවත පැමිණෙමින් සිටිය දී මෙම අනතුරට ලක්ව තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2019 13:35

    Latest News