1977 වසරට සාපේක්‍ෂව රටේ ආර්ථිකයේ බරපතල කඩා වැටීමක් සිදුව ඇති බව, ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අනුර කුමාර දිසානායක මහතාට, මාස 6 ක් ඇතුළත ආර්ථිකය ගොඩ ගැනීමට හැකි නම්, ඔහුට ඉඩ දී තමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉවත් වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසයි.

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය, සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා පත් කළ විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවේ තීරණය ලැබෙන තුරු අනුර කුමාර දිසානායකට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බව ජනාධිපති ලේකම්වරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 30 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

ජාතික ජනබලවේගයේ මැතිවරණ රැලියක්, පසුගියදා හෝකන්දරදී පැවැත්විණ.

මෙරට ආර්ථික වර්ධනය උදෙසා කුඩා ව්‍යවසායන් සංවර්ධනය කිරීමට පියවර ගැනීම තම පාලනයක් තුළ සිදු කරන බව, ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

යැපුම් ආර්ථිකයෙන් මිදී කර්මාන්ත අවදියකට රට ගෙන යාම සඳහා ක්‍රියා කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළි දැක්විණ.

ජාතික ජන බලවේගයේ ජන හමුවක් වැල්ලවාය ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට දී ඊයේ සවස පැවැත්විණ.

Latest News