දක්ෂිණ අධිවේගයේ ධාවනයට පැ.කිලෝ 60ක වේග සීමාවක්

ඔක් 21, 2019

    පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන පැයට කිලෝමීටර 60ක වේගයකින් ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙයි.

    අද උදෑසන 7.00ට පමණ කහතුඩුව පිවිසුමේ සිට හත්වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ දී වාහන 6ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවිය. ඉන් කිසිවෙකුටත් හානියක් සිදු නොවු බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ.

    Last modified on සදුදා, 21 ඔක්තෝබර් 2019 12:39

    Latest News