තාවකාලික විදුහල්පති නිසා කොටගල දමිල විදුහල උණුසුම් වෙයි (ඡායාරූප)

ඔක් 21, 2019

    නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යයාල යටතේ පාලනය වන කොටගල දමිල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා සිටියදි එම විදුහලට අද (21) සිට සිංහල ගුරුවරයෙකු තාවකාලිකව විදුහල්පතිවරයා වශයෙන් පත් කිරිමට විරෝධය පාමින් එම විදුහලේ සිසු සිසුවියන් පාසල ඉදිරිපිට හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂනයක නිරත විය. 

    අද (21) උදැසන 8.30 සිට 10.30 දක්වා ප්‍රධාන මාර්ගය පාසල ඉදිරිපිටින් අවහිර කරමින් පාසල් ළමුන් උද්ඝෝෂණය කිරිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය දෙකක කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි. පාසල් ළමුන්ගේ උද්ඝෝෂනයට එම විදුහලේ අචාර්යය මණ්ඩලයේ සහයෝගය ලබා දි තිබුණි.

    හැටන් කොටගල දමිල මහ විදුහලේ වත්මන් විදුහල්පතිවරයා තව මාස කිහිපයකින් විශ්‍රාම යාමට නියමිත නිසා ස්ථිර විදුහල්පතිවරයෙකු පත් කර එවන තෙක් නුවරඑලිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාස මහතා විසින් අද (21) සිට එම විදුහලට තාවකාලි විදුහල්පතිවරයෙක් පත් කර තිබුණි.

    උද්ඝෝෂනයේ නියැලි එම විදුහලේ සිසු සිසුවියන් කියා සිටියේ තම විදුහලේ අචාර්යය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් සිටියදි සිංහල භාෂාව කතා කරන ගුරුවරයෙකු තම විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් පත් කිරිම වැරදි බවයි.

    පැය දෙකක පමණ කාලයක් ප්‍රධාන මාර්ගය අවහිර විම නිසා එම ස්ථානයට පැමිණි ලංකා කම්කරු කොන්ගස්‍රයේ නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට දුරකථන ඇමතුමක් ලබා දී අදාළ තාවකාලික පත්විම අවලංගු කර එම විදුහලේ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙකු වැඩ බලන විදුහල්පතිවරයා වශයෙන් පත් කරන බවට පොරොන්දු විමෙන් පසු ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂනයේ නියැලි පාසල් සිසු සිසුවියන් උද්ඝෝෂනය අත්හරිනු ලැබීය.

    05

    02

    07

    Last modified on සදුදා, 21 ඔක්තෝබර් 2019 13:12

    Latest News