දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිටවීමේ දොරටු වසයි

අප්‍රේ 28, 2021

    අද (28) උදෑසන 6.00 සිට අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව වසා තැබීමට කටයුතු යොදා ඇත.

    දක්ෂිණ අධිවේග මාර්ගයේ කොට්ටාව පිටවීමේ ස්ථානයේ සේවය කළ සේවකයින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන්.

    අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහන වලින් කොට්ටාවෙන් පිටතට යා හැක්කේ බස්රථ සහ ගිලන් රථවලට පමණක් බව බලධාරීන් පවසයි.

    දක්ෂිණ අධිවේග මාර්ගයෙන් පිටතට යන වාහන සඳහා අතුරුගිරිය සහ කහතුඩුව භාවිත කළ හැකිය.

    එසේම කොට්ටාවෙන් අධිවේගයට ඇතුළු වන වාහන සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකෙරේ.

    Last modified on බදාදා, 28 අප්‍රේල් 2021 09:19

    Latest News