කොළඹින්, දකුණට යන අයට දැනුම්දීමක්

ඔක් 12, 2023

    දක්ෂිණ අධිවේගි මාර්ගයේ 101 වැනි කිලෝ මීටරය කණුව ආසන්නයේ රන්ගොඩකන්දේ කොටසක් නායයෑම හේතුවෙන්, ඉමදූව සිට පින්නදූව දක්වා කොටස තාවකාලිකව වසා දමා තිබෙනවා.

    කොට්ටාව සිට හම්බන්තොට දක්වා ගමන් කරන රථ වාහන පින්නදූව පිවිසුමෙන් පිටවී යළිත් ඉමදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු විය හැකි බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

    හම්බන්තොට සිට කොට්ටාව දෙසට පැමිණෙන රථ වාහන ඉමදූව පිවිසුමෙන් පිටවිය යුතු අතර, පින්නදූව පිවිසුමෙන් යළි අධිවේගී මාර්ගයට ඇතුළු විය හැකියි.
    අද දහවල් වන විට අධිවේගි මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කිරීමට හැකිවෙතැයි , අපේක්ෂා කරන බව, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පවසනවා.

    රන්ගොඩකන්ද, නායගොස් ඇත්තේ, ඊයේ රාත්‍රී 8.30 ට පමණයි. පළමු නායයෑමෙන් අනතුරුව මාර්ගය අවහිරතා පිළිබඳ සොයා බැලීමට ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් සිව් දෙනෙකු හා සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු තුවාල ලැබුවා.

    දෙවැනි වරටත් සිදු වූ නායයෑමටයි, ඔවුන් ගොඳුරු වී ඇත්තේ.
    රන්ගොඩකන්දේ ඉහළ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට සිය නිවෙස්වලින් ඉවත් වන ලෙස ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබෙනවා.

    Latest News