ඇල්පිටියේ වෙඩි තැබීම ගැන පොලීසියෙන් විමර්ශනයක්

ඔක් 17, 2019

    ඇල්පිටිය, කරන්දෙණිය ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමක් සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසියට ලද තොරතුරු මත විමර්ශන අරඹා තිබේ. වෙඩි තැබීම සිදුවූයේ ඊයේ (16) රාත්‍රී 7.40 ට පමණ. වෙඩි තැබීම සිදුවන ඇත්තේ, දෙමටගහකන්ද, කරන්දෙණිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකටයි.

    කප්පම් ඉල්ලමින් සිට එය නොදීම මත මෙලෙස වෙඩි තබා බිය ගැන්වීමක් කර ඇතැයි විමර්ශනයේ දී අනාවරණය වී තිබේ. මෙම වෙඩි තැබීමෙන් තුවාල හෝ ජිවිත හානි කිසිවක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.

    යතුරු පැදියකින් පැමිණි නාඳුන අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබේ. මෙම වෙඩි තැබීම පිළිබඳ ඇල්පිටිය කොට්ඨාස බාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ඇල්පිටිය මුලස්ථාන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 ඔක්තෝබර් 2019 12:43

    Latest News