ඇල්පිටිය ඡන්ද පෙට්ටි නිකුත් කිරීම පෙරවරුවේ....

ඔක් 10, 2019

    ඇල්පිටිය ප‍්‍රාදේශිය සභා මැතිවරණයේ ඡන්ද පෙට්ටි නිකුත් කිරිම පෙරවරුවේ සිට ආරම්භ කරන බව දිස්ත‍්‍රික් තේරිම් භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කරයි.

    අවශ්‍ය සියලු කටයුතු ඒ සඳහා යොදවා ඇති බවත් තේරිම්භාර නිලධාරිවරයා පෙන්වා දෙන්නේ. ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක අතර පොලිස් නිලධාරින් 800කට ආසන්න සංඛ්‍යාවක් යොදවා තිබේ. 

    .........................................................................

    ඇල්පිටිය පුංචි ඡන්දය හෙට (පෙ.ව 7.30)

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම හෙට පැවැත්වේ. අදාළ ඡන්ද මධ්‍යස්ථාන සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද පෙරවරුවේ ආරම්භ කෙරෙන්නේ ඇල්පිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිටයි.  ඡන්ද ප්‍රකාශ කිරිම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකින් සංඛ්‍යාව 53,384ක්. ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන බල ප්‍රදේශය තුළ ඇල්පිටිය ප්‍රාදේශීය කොට්ඨාසයට අයත් පාසල් අද හා හෙට දිනයේ වසා තැබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2019 12:13

    Latest News