දින 9ට මැතිවරණ පැමිණිලි 762ක්

ඔක් 17, 2019

    ගත වූ දින 09 තුළ ජනාධිපතිවරණයට අදාලව පැමිණිලි 762ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් සම්බන්ධ පැමිණිලි 733ක් මේ අතර වෙයි. ඊයේ පස්වරු 04.00න් අවසන් වූ පැය 24 තුළ පමණක් පැමිණිලි 89ක් ලැබී තිබිණ.

    මේ අතර ජනාධිපතිවරණයට අදාලව මැතිවරණ නීති උල්ලංඝණයකිරිම් සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂල් ආයතනය වෙත ද පැමිණිලි 33ක් ලැබී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 ඔක්තෝබර් 2019 11:58

    Latest News