ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම ඇරඹේ

ඔක් 11, 2019

    ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම අද පෙරවරු 07.00ට ආරම්භ විය.

    ඡන්ද මධ්‍යස්ථාන 47කදී පස්වරු 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කළ හැකියි. ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 05කින් අපේක්ෂකයන් 155 දෙනෙකු ඉදිරිපත්ව සිටිති.ඉන් 28 දෙනෙකු සභිකයන් ලෙස තේරී පත් වීමට නියමිතයි. සුදුසුකම් සපුරා ඇති ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව පනස් තුන්දහස් තුන්සිය අසු හතරකි.
    ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව පිළිගත් වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් කළ යුතු වෙයි. රාජකාරී කටයුතු සඳහා කාර්ය මණ්ඩලයේ 800 දෙනෙකු යොදවා තිබේ.

    Last modified on සිකුරාදා, 11 ඔක්තෝබර් 2019 07:16

    Latest News