ඇල්පිටියේ කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක්..150ක් PCR පරීක්ෂාවට

අප්‍රේ 28, 2021

    ඇල්පිටිය,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ වැඩි වීමක් සිදුව තිබේ.

    මේ හේතුවෙන්, පුද්ගලයින් 150 දෙනෙක් පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කෙරිණ.

    පී සී ආර් පරීක්ෂණ සඳහා අවශ්‍ය නියැදි ලබා ගැනීම සිදු කරනු ලැබුවේ ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින්.

    එහිදී, නගරයේ සිල්ලර වෙළෙඳසැල් හිමියන්ගෙන් සහ රෙදි පිළි අලෙවි සැල්වල හිමිකරුවන්ගෙන් නියැදි ලබා ගැනිණ.

    එමෙන්ම, පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද මෙහිදී පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කෙරිණ.

    Latest News