විදේශ ආයෝජන ලංකාවට ගෙන ඒමට සජිත්ගෙන් නව වැඩපිළිවලක්

ඔක් 15, 2019

    විදේශ ආයෝජන ලංකාවට ගෙන ඒ මේ නව වැඩපිළිවලක් තමාගේ පාලන සමය තුළ ඇති කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) පැවති ඇහැලියගොඩ ජන හමුවක් අමතමින්.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා..

    " මගේ පියා කර්මාන්ත ශාලා 200 ආරම්භ කළා.විදේශ ආයෝජකයින්ට ලංකාව තුළ ආයෝජනය කරන්න අවස්ථාවක් ඇති කළා. වෙනත් රට වල ආයෝජනය කරනවා වෙනුවට මේ රටට ඔවුන්ට පැමිණෙන්න බදු සහන ලබා දුන්නා.එක කොන්දේසියක් තිබුණා.ඒ ඔවුන් ගේ කර්මාන්ත ශාලාවේ අපේ රටේ යෞවන යෞවනියන් 1000ක් රුකියා ලබා දිය යුතුයි කියන කොන්දේසිය.වියට් නාමය,කාම්බෝජය, ඉන්දියාව වැනි රටවලට ගමන් කරන විදේශ ආයෝජන නව වැඩ පිළිවලක් තුළ අපේ මාතෘ භූමියට රුගෙන එන්න කටයුතු කරනවා.නවීන කර්මාන්ත කරණයක් තුළින් පමණයි මේ රට ගොඩන ගත හැක්කේ. අපි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නගන්න ඕන.එය අපනයන මුලික කරගත් ආර්ථිකයක්, මම එය නිර්මාණයක කරනවා.ජවසම්පන්ත කර්මාන්ත වලින් පිරි ශක්තිමත් ශ්‍රිලංකාව මම ගොඩනගනවා.

    කුඩා හා මධ්‍යයම පරිමාණ කර්මාන්ත කරුවන්ට රජයක් ලෙස ශක්තිය ලබා දිය යුතුයි. කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත කරුවන්ගේ බදුබර අඩුකර,ඔවුන්ගේ ව්‍යාපාර ගොඩනගන්න ශක්තියක් මා ලබාදෙනවා.ඒ තුළින් සෞභාග්‍යයමත් මාතෘ භුමියක් ගොඩනගනවා.

    මැණික් කර්මාන්තය අලුත් වැඩපිළිවලක් හරහා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ ජයග්‍රහණයෙන් පසු 17 වනදා සිට, මේ රටේ මැණික් කර්මාන්තය පුංචි මිනිසාට ආදායම් ලබාගත හැකි ආකාරයටත්, පරිසරයට හානි නොවන ආකාරයටත් ක්‍රියාත්මක කිරීමේ පුර්ණ වගකීම මම ගන්නවා.අහිංසක මිනිසුන් රස්තියාදු කරන්නේ නැතුව බලපත්‍ර බලාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අදටත් මැණික් කර්මාන්තය ක්‍රියාත්මක වන්නේ යල් පැනගිය පනත්වලට රෙගුලාසි වලට අනුකූලව.පරණ රෙගුලාසි වෙනුවට නව රෙගුලාසි පරිසරයට හානි නොවන ආකාරයකට ගෙන එනවා . පුංචි මිනිසාගේ කරපිට බර පටවන්න,අසහනය,පීඩාව ලබා දෙන්න මගේ තාත්තා මට උගන්වලා නැහැ.ඔවුන් වෙනුවෙන් සහන ලබා දෙන්නට මම සැදී පැහැද සිටිනවා."

    Last modified on අඟහරුවාදා, 15 ඔක්තෝබර් 2019 07:56

    Latest News