හේමසිරි ප්‍රනාන්දු ජනපති කොමිසම හමුවට

ඔක් 15, 2019

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවිමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනි සිටින ලෙස දැනුම් දී තිබේ.

    ඒ අනූව ලබන 18 වන දින පෙරවරු 9.30ට ඔහු එහි පෙනී සිටීමට නියමිතයි.

    මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා 2016 - 2017 කාලය තුළ දී මහජන බැංකුවට පරිගණක ලබාගැනීමේ දී සිදුවු මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අනූවයි ඔහුගෙන් සාක්ෂි සටහන් කරගැනීමට නියමිව ඇත්තේ. මේ වන විට  හේමසිරි ප්‍රනාන්දු මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියි. 

    Last modified on අඟහරුවාදා, 15 ඔක්තෝබර් 2019 09:13

    Latest News