ආගම්, ජාති භේද වපුරා රටට කරන්නේ විනාශයක් - ඇමති සජිත් (වීඩියෝ)

ඔක් 12, 2019

    මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ආගම්, ජාති භේද වපුරා රටට කරන්නේ විනාසයක් බව නව ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජනතාවට ඇහුම්කන් දෙන සමීප සොදුරු නායකත්වයක් ඇති ගොඩනැගිය යුතු බව ඔහු කියා සිටි.

    අද (12) කොළඔ නවනගර ශාලාවේ පැවති බටහිර කොළඔ හා නැගෙනහිර කොළඔ ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

    ප්‍රතිවාදි පාර්ශවයන් දිනපතා බියසැක පතුරවමින් විනාෂකාරි අදහස් රටේ ජනතාවගේ මනසට ඇතුළු කර බලය ගැනීමේ පටු දේශපාලන අරමුණු මත කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා අවධානරය කළේය.

    ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා.......

    අපගේ ප්‍රතිවාදීන් රටේ ජනතාව අතර දිනපතාම බිය සැකය පතුරවනවා. නොයෙකුත් විනාෂකාරී අදහස් රටේ ජනතාවගේ මනසට ඇතළු කර, ජාතිවාදය, ජාතිභේදය, ආගම්වාදය, ආගම්බේදය නිර්මාණය කරනවා. මේ ප්‍රතිවාදින් ගේ උත්සහය බවට පත්වෙලා තියෙන්නේ රට ජාතින්වලට, ආගම්වලට, බොදා එකමුතු බව සහෝදරත්වය, මිත්ත්‍රවය නැති කරලා දාන්න. රටේ ප්‍රධාන තනතුර ඩැහැ ගන්න මේ උත්සහ කරන්නේ.

    ඒ තුළින් බිය සැක සංකාව ජනතාව අතර නිර්මාණය කරන්න. මෙලෙස රට විනාෂ කර හෝ රටේ ප්‍රධාන තනතුර ඩැහැ ගන්න මේ උත්සහ කරන්නේ.

    මේ රටේ ජාතික ආරක්ෂාව, ජාතීන් අතර සංහිදියාව, ජාතීන් අතර එකමුතුව අත්‍යාවශ්‍ය කරුණක්. ජාති, ආගම් ‌බේද අවුස්සලා මේ රට ආරක්ෂා කරන්න බැහැ. අපි මේ රටට ආදරය කරන, රට ආරක්ෂා කරන්න අධිෂ්ථාන කරන පුද්ගලයෝ. මැති වරණ ජයග්‍රහණය උදෙසා ආගම්, ජාති භේද වපුරනවා නම්, ඔවුන් මේ රටට කරන්නේ විනාෂයක්.

    රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සිංහල බෞද්ධයෙක් ලෙස කිසිම දිනක ජාති, ආගම් බේද ඇති කලේ නැහැ. ජාතිවාදය, ආගම්වාදය ඇවිස්සුවේ නැහැ. එතුමා මේ රටට බුද්ධශාසන අමාත්‍යංශයක්, බුද්ධශාසන අරමුදලක් පිහිටෙව්වා. ඒ මගේ ආදරණිය පියා අප කුඩා කල සිට හොද සිංහල බෞද්ධයින් ලෙස සිංහල බෞද්ධකම රැකගෙන වගේම, අනෙක් ජාතින්, ආගම ආරක්ෂා කරන්න අපට ඉගැන්නුවා.

    සමහර කණ්ඩායම් දැන් සිංහල බෞද්ධකම ඉදිරියට දාගෙන මේ රටේ බෞද්ධ උරුමය තියෙන්නේ ඔවුන්ට පමණයි කියලා ඔප්පු කරන්න හදනවා. මේ අය මේ රටේ ඉන්න සුපිරි බෞද්ධයෝ නම් මොකක්ද සම්බුද්ධ ශාසනයට ඔවුන් කළ සේවාව. අටමස්ථාන සොලොස්මස්ථාවලට වුණ සේවාවක් නැහැ. අනුන් හදපු සංඝාවාස බලහත්කාරයෙන් විවෘත කරලා එළියට ඇවිත් වොයිස් කට් දුන්නා.

    පසුගිය වසර හතර හමාර තුළ අපේ රජය සම්බුද්ධ ශාසනය ගොඩ නගන්න අතිවිශාල මුදලක් වැයකළා. එය මධ්‍යම සංස්කෘතික අරමුදල, ගම්පෙරළිය, බුද්ධ සාසන අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ සිදුවුණා. මේ තුළින් අතිවිශාල සේවාවක් කළා. රාජපක්ෂවරු කලේ, මගේ පියා දළදා හාමුදුරුවන්ට හදපු රන් වියන ඉදිරිපිට රටදැයි බේරගත් රණවිරුවන් ලවා වැලිකොට්ට දමා, නුවර සියලු පාරවල් වසා ජනාධිපති වරයාගේ පුතුන්ට රේස්කාර් පදින්න ඉඩදීම. මේ දේවල් අපේ රටේ සිංහල බෞද්ධ ප්‍රජාවට මතක නැද්ද? බෞද්දකමින් රජ පුටුවට ගිහින් රට බේරගත්ත රණවිරුවන්ට කියනවා පුතාට රේස් පදින්න වැලිකොට්ට ගහන්න කියලා. නිලධාරින්ට පාරවල් වහන්න කියනවා. අපේ රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ ප්‍රෝඩාකාරි වැඩ නෙමෙයි. ඔවුන්ගේ පාලන කාලේ සංඝාවාස ගරාවැටුනා. ධර්මශාලා කඩාවැටුණා. අපි ලංකාවේ මේ පළමුවතාවට රජයක් මැදිහත්ව මේ රටේ ශිෂ්ට සම්පන්න ගුණගරුක ජන සමාජයක් උදෙසා ආණ්ඩුවක් රටපුරාම දහම් පාසල් හදන්න යොමු වුණා.

    පිරිසක් කියනවා, පල්ලි කෝවිල් කැඩුවොත් බුද්ධාගම රැකෙනවලු. දේවස්ථාන කැඩුවොත් බුද්ධාගම රැකෙනවාලු. ඒ අය පන්සිල් පද පහේ තේරුමවත් දන්නවද කියලා මට හිතෙනවා. සිංහල බෞද්ධත්වයට විශේෂත්වයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබාදි තිබෙනවා. ඒ ව්‍යවස්ථාවෙන්ම බෞද්ධාගමට ශක්තිමත් ස්ථාවරයක් ලබාදෙනවා සේම, අනිකුත් ආගම්වලටත් නිසි තැන, නිසි ආරක්ෂාව දෙන්න ඔනේ. කියලා තියනවා. රටක් ආරක්ෂා වෙන්න මේ හැමදෙනා අතර සමගිය තියෙන්න ඔනේ. ජතිවාදි ආගම්වාදි ගින්දර ඇති කළ යූතු නැහැ. රට ගිනි තියන එක නෙමෙයි වගකීම. රට ජාතිය ආරක්ෂා කරන එක. ආගම්වාදි ජාතිවාදි ප්‍රකාශවලින් රට ගිනි තියනවා. එවැනි අයට අපි කියන්නේ ද්‍රෝහින් කියලා. හැම ජාතියක්ම, ආගමක්ම, ආරක්ෂා කරලා අපි ඉදිරියට යන්න ඔනේ. එය රණසිංහ ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්තියයි.

    මෙම අවස්ථාව සදහා එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ, කොළඔ දිස්ත්‍රික් නායක - එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක. කොළඔ නගරාධිපතිනි රෝසි සේනානායක ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    Last modified on සෙනසුරාදා, 12 ඔක්තෝබර් 2019 21:58

    Latest News