ජනාධිපතිවරණයේ පැමිණිලි ඉහළට: පැය 24ක් තුළ 106ක්

ඔක් 12, 2019

    මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 375ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    පසුගිය 08 වනදා සිට ඊයේ (11) දක්වා පැමිණිලි ලැබී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 360ක් පවති. ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 09ක් හා වෙනත් පැමිණිලි 06ක් ඊට ඇතුළත් බව මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයේ සදහන්වේ.

    ඊයේ පස්වරු 04.30න් අවසන් පැය 24 කාලය පැමිණිලි 106ක් ලැබි ඇත. ඊයේ දිනයේ ඉදිරිපත් වු පැමිණිලි වලින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ පැමිණිලි 98ක්, ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි 04ක් හා වෙනත් මැතිවරණ පැමිණිලි 04ක් ඒ අතර වේ.

    Latest News