පක්‍ෂ දෙක එකතුවීම හොඳ දේශපාලන තීන්දුවක්; තිලංග සුමතිපාල (වීඩියෝ)

ඔක් 11, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පොදුජන පෙරමුණ හා එක්වීමට ගත් තීරණය ඉතා හොඳ දේශපාලන තීන්දුවක් බව, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

    පරිවර්තන කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, එය රට පිළිබඳ සිතා ගත් තීන්දුවක් බවයි. එහිදී අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා....

    “කවුරු කොහොම කිව්වත් අපි දොගොල්ලන්ම වැඩ කරන්නේ එක අපේක්‍ෂකයෙකුට එකම වේදිකාවක. අපේ මේ පරිවර්තන කේන්ද්‍රය රටේ පරිවර්තනයට එක අපේක්‍ෂකයෙක්. ඒ නිසා රටේ උන්නතිය සඳහා අපේක්‍ෂකයෝ දෙන්නෙක් නම්, රට අගාධයකට. රට පරිවර්තනය කරලා අලුත් යුගයකට යන්න නම් තනි අපේක්‍ෂකයෙකුට ප්‍රධාන පක්‍ෂ දෙක දැඩි ස්ථාවරයක සිටිය නිසා අපි ඒ දරපු මතය, අපිට තිබුණා අරමුණක්. ඒ අරමුණේ ඉලක්ක අපිට තිබුණා. ඒ ඉලක්කවලින් එකක් තමයි මේ ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි දෙගොල්ලොම ඉදිරිපත් කරන්නේ එක අපේක්‍ෂකයෙක් කියන අරමුණ. ඒ අරමුණට අපි ඉලක්ක හදාගන්න ඕනේ. දේශපාලනයේ එක ධාරාවකට පෙළ ගැස්සුවොත් ඒ නිසා තිත්ත ඇත්ත තමයි අපේ පක්‍ෂයෙන් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යැයි කියන අදහස. එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයට සහයෝගය දෙමු කියන අදහස. නමුත් ඉවසීමෙන් අපට පුලුවන් වුණා මේක කළමනාකරණය කරගන්න. අපි ජාතික අපේක්‍ෂකයෙක්, ජාතික වශයෙන් ඉල්ලීම් කරපු ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා වෙනුවෙන් සියලු බලවේග පෙළගස්වන්න. ඒ නිසා අපිට මේ කර්ත්‍යයේදී මේ අරමුණට යාමේදී අපිට එකඟතාවයන්ට එන්න මොන බාධක කම්කටොලු තිබ්බත්, අපේ ප්‍රධාන අවශ්‍යතාවය වුණේ ජාතික වශයෙන් මේ රට ගොඩදාගන්න නම්, ගොඩ යන්නනම්, මේ රට ආරක්‍ෂා වෙන්න නම්, මේ රට නැවතත් දියුණුව කරා යන්න නම්, ඊළඟ පරම්පරාවට දියුණු වෙච්ච, සංවර්ධනය ඇති රටක් බවට පත් කරන්න නම්, නියත වශයෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතාගේ පූර්ණ අනුග්‍රහය ඇති අපේක්‍ෂකයාට අපි සහයෝගය දිය යුතුයි යැයි“ තිලංග සුමතිපාල මහතා පැවසීය.

    Last modified on සිකුරාදා, 11 ඔක්තෝබර් 2019 20:04

    Latest News