වෘත්තිය සමිති වලට මැකෝගෙන් දැනුම් දීමක් : දුම්රිය සේවකයින්ට ද මතක් කිරිමක්

ඔක් 06, 2019

    ජාතික මැතිවරණයක් පැවැත්වෙන බැවින්, ඉල්ලීම් දිනාගැනිමට වෘත්තීය ක්‍රියාමාර්ගවලට පිවිසිමෙන් වලකින ලෙස, රාජ්‍ය සේවකයන්ගෙන් හා සංස්ථා, මණ්ඩල, බැංකු, යන අර්ථ රාජ්‍ය ආයතනවල සේවකයින්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටී.

    සමස්ත රාජ්‍ය සේවයම මැතිවරණ ක්‍රියාවලියේ දී එක් යාන්ත්‍රණයක් බැවින්, වැඩවර්ජන වෘත්තිය සමිති ක්‍රියාමාර්ග එහි සාර්ථකත්වය බලපෑම් එල්ල වන බව මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    අයිතිවාසිකම් දිනාගැනීමට වෘත්තිය සමිතිවලට ඇති අයිතිය පිළිගනී. එසේ වුවද ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිමේ සිට මේ දක්වා විවිධ ඉල්ලීම් මතු කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට පිවිසිමේ තත්වයක් දක්නට ඇති බව, මැතිවරණ කොමිසම පවසයි.

    දැනට ක්‍රියාත්මක දුම්රිය දෙපාර්තමේන්තු, වැඩ වර්ජනය මැතිවරණ කාලසීමාව අතහැර සාකච්ජා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට ක්‍රියා කරන ලෙස, මැතිවරණ කොමිසම දුම්රිය කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා තිබේ. මෙම තත්වය ජනාධිපතිවරණයේ තැපැල් සේවාවන් සහ අනෙකුත් කටයුතුවලට බාධාවක් බව ද එම නිවේදනයේ සඳහන් වේ.

    නිදහස් හා සාධාරණ විශ්වසනීය ඡන්දයක් පැවැත්විමට රාජ්‍ය සේවකයන්ගේ උපරිම සහය අවශ්‍ය බව පෙන්වා දෙන මැතිවරණ කොමිසම රාජ්‍ය සේවකයින්ට බාධාවකින් තොරව රාජකාරී ඉටු කිරිමට සුදුසු පරිසරය සකසා දෙන ලෙස ආයතන බලධාරීන්ගෙන්ද ඉල්ලා තිබේ.

    කුමන තත්වයක් යටතේ වුවද ජනාධිපතිවරණය නියමානුකූල දිනයට පැවැත්විමට අවශ්‍ය බැවින් සියලුම ක්‍රියාමාර්ග ගනිමින් උපරිම ශක්තිය යොදා කටයුතු කරන බැවින්, ශ්‍රී ලංකාවාසී පුරවැසියන්ගේ සහය ද ඊට ලබාදෙන ලෙස මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා සිටී.

     

    Latest News