දේශපාලන පක්ෂ නියෝජිතයින් අද මැතිවරණ කොමිසමට

අගෝ 08, 2022

    පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (08) කැඳවා තිබේ.



    ඒ, මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ සභාව මඟින් යෝජනා කර ඇති මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීමට බවයි එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජි පුංචිහේවා මහතා සඳහන් කළේය.

    මෙම සාකච්ඡාවන් පසුව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන නියෝජිතයින් සහ සිවිල් සංවිධාන අතර ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද වාර්තාවේ.

    Latest News