ගෝඨාභයට තවත් එකක් ලඟ බව ඇමති රාජිත කියයි

ඔක් 06, 2019

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ගයකට ජනතා විමුක්ති පෙරමුණ සූදානමින් සිටින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ ව්‍යාපාරික සංගමය සංවිධාන කළ “හෙළයේ මහා සම්මුතිය” උත්සව අවස්ථාවට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.

    මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා - “හෙට දින නාම ‌යෝජනා බාර දීමේ අවසාන දිනය. ඉතිං ප්‍රධාන පක්ෂ ඇතුලු සියලු පක්ෂ නාමයෝජනා බාරදීමෙන් අනතුරුව අවසානයේ ‌‌ප්‍රධාන පිල් දෙක අතරේ තමයි තරගය තිබෙන්නේ. ජනතාවත් එම ප්‍රධාන පිල් දෙකෙන් එක් පිළකට බෙදෙනවා. ඒ්ක තමයි සාමාන්‍යයෙන් සිදු වෙන්නේ. අපිත් අපේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව ගෙනියමින් මැතිවරණයට මුහුණ දෙනවා.”

    “ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබද නඩුව අවසන් නැහැ. දැන් ජනතා විමුක්ති පෙරමුණ කියනවා ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබදව ඔවුන් නැවත නඩු මගට යනවා කියලා. ගීතා කුමාරසිංහටත් මන්ත්‍රීකම නැති වුනේ ද්විත්ව පුරවැසිභාවය නිසා.”

    “එතකොට මොකද චමල් රාජක්ෂ ඇප බැන්දේ. මේකේ කරුණූ දෙකක් තිබෙනවා. ගෝඨාභය නැත්නම් තවත් රාජපත්ෂ කෙනෙක්. ඒ් කියන්නේ චමල් රාජපක්ෂ. අගමැති කවු ද? ඒ්ත් රාජපක්ෂ කෙනෙක්. ආර්ථික කටයුතු පිළීබද ඇමැති කවු ද? ඒ්ත් රාජපක්ෂ කෙනෙක්. ඒතකොට ඉතුරු කට්ටියට මොකද වෙන්නේ?. මේක ඒකක්. මේක ජනතාවගේ නොවෙයි පවුලේ බලය ලබාගැනීමේ වැඩපිළිවෙළක්. නඩු තීන්දුවකින් පුරවැසිභාවය ලබාගත්තා කියලා කියන්න ලැඡඡයි. ඔවුන් චමල් රාජපක්ෂව අන්තිමට දැම්මේ ඒයාලටත් විශ්වාසයක් නැහැ ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබද. මේ රටේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් එනවා අධිකරණය තමයි තීන්දු කරන්නේ ඔහුට පුරවැසිභාවය තියෙනවා ද නැද්ද කියලා. ලැඡජයි. පෙරේදා වෙනකන් හරි සහතිකයක් තිබුනේ නැහැ පුරවැසිභාවය තිබෙනවා ද නැද්ද කියලා. ඒ් වගේ කෙනෙක් ද රටේ ජනාධිපති කරන්න හිතනනේ. මේ රටට නායකත්වය දෙන්න මේ වගේ හරියට පුරවැසිභාවය නැති අය ගේන්න හදන්නේ. ඇයි තව කට්ටිය නැද්ද?.” යැයි ඔහු විමසා සිටියේය.

     

     

     

     

     

     

    Latest News