රුපියල් කෝටි ගණනක කේරල ගංජා යාපනයෙන් මාට්ටු

ඔක් 06, 2019

    යාපනය මාදගල් හා කොවිලම්තුඩුව මුහුදු ප්‍රදේශයේ කේරල ගංජා කිලෝ ග්‍රෑම් 122 යි ග්‍රෑම් 200ක් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (05) නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    රුපියල් කෝටි එකහාමාරක පමණ වටිනාකමින් යුතු කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් රැගෙන එමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    යාපනය මාදගල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක් හා 36 ක් වන සැකකරුවන් එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    සිද්ධිය සම්බන්ධයෙන් යාපනය කන්කසන්තුරය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

     

    Latest News