තෘප්තිමත් රැකියාවකට අවශ්‍ය පසුබිම සියලුම රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සැකසිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ සේවක ගැටලු විසඳීමට කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දෙයි.

හෙට (22) සිට මහනුවර – කොළඹ දුම්රිය සේවා යළි ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික දසනායක මහතා පවසයි.

උඩරට දුම්රිය මාර්ගයේ වටවල සිට අඹේවෙල දක්වා වූ දුම්රිය ස්ථාන 9ක වර්ෂාමාන සවි කිරීම අද කෙරිණ.

දැනට මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකර ඇති දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා දුම්රිය ආසන වෙන් කිරීමේ නව ක්‍රමවේදයක් අද සිට ක්‍රියාත්මකයි.

මාතර-කතරගම දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා වූ දෙවැනි අදියරේ ඉදිකිරීම් පිළිබඳව කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව, විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ජාතික මැතිවරණයක් පැවැත්වෙන බැවින්, ඉල්ලීම් දිනාගැනිමට වෘත්තීය ක්‍රියාමාර්ගවලට පිවිසිමෙන් වලකින ලෙස, රාජ්‍ය සේවකයන්ගෙන් හා සංස්ථා, මණ්ඩල, බැංකු, යන අර්ථ රාජ්‍ය ආයතනවල සේවකයින්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටී.

නීත්‍යානුකූල ලෙස වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ දුම්රිය සේවකයින් සේවය අතහැර ගියා සේ සලකමින් කටයුතු කරන්නැයි දන්වා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අභ්‍යන්තර නියෝගයක් අංශ ප්‍රධානින්ට නිකුත් කර තිබේ.

අසාධාරණ ලෙස දුම්රිය වැඩවර්ජනයේ නිරත පුද්ගලයින්ට මහජනතාව සාප කරනු ඇතැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ‍අශෝක් ‍අබේසිංහ මහතා පවසයි.

Latest News