දැයේ දූ දරුවන්ට ජාතික රූපවාහිනියෙන් ලෝක ළමා දින විශේෂ වැඩසටහනක් (වීඩියෝ)

ඔක් 05, 2019

    ජාතික රූපවාහිනී ළමා දින වැඩසටහන කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ දී අද දවස පුරා ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

    ඒ, දරු-දැරියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. වැඩසටහන සංවිධාන කෙරුණේ, ඉකුත් පළමු වැනිදාට යෙදුණු ලෝක ළමා දිනය වෙනුවෙන්. යුද හමුදා යතුරු පැදි සංදර්ශනයකින් සමාරම්භක උළෙල වර්ණවත් විය. විවිධ ක්‍රීඩා, සංගීත වැඩසටහන්, නාට්‍ය ඇතුළු විනෝදාත්මක අංග රැසකින් යුත් වැඩසටහනට, දරු දැරියන්ගෙන් ලැබුණේ, ඉහළ සහභාගිත්වයක්. රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් අංශය, ගොඩගේ පොත් සමාගම හා එක්ව, ළමා කතන්දර පොත් දන්සැලක් සංවිධාන කළේය.

    එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජයරත්න මහතා...

    “පළමුවෙනිදා හැමෝම එකතු වෙලා සමරපු ජාතික ළමා දිනය වෙනුවෙන් පළමු වෙනිදා ඉඳලා ඉසව් ගණනාවක්ම ජාතික රූපවාහිනියෙන් පටන් ගත්තා. පටන්ගත්තේ ජාතික ළමා දිනය දිනයේම කටුනායකට ළමයින් සියයකට වැඩි ප්‍රමාණයක් අරගෙන ගිහිල්ලා අද ජාතික ළමා දිනයෙන් පස්සේ පළමුවැනි සති අන්තයේ ළමයින්ට විනෝද වෙන්නට පුළුවන් උත්සවයක් තමයි මෙතන සංවිධානය වුණේ. ජාතික රූපවාහිනිය හැටියට ළමයින් වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් ජාතික රූපවාහිනිය තරම් වැඩ කොටසක් කරපු කිසිම නාලිකාවක් නැහැ කියලා යැයි සාරංග විජයරත්න මහතා පැවසීය.

    විහාර මහා දේවී උද්‍යානයේ සිට ළමා පුවත් විකාශනය සිදු කිරීම ද විශේෂත්වයක්. තරඟ ජයගත් දරු-දැරියන්ට කාර්ගිල්ස් සමාගමේ අනුග්‍රහයෙන් මවුන්ටන් බයිසිකල් ප්‍රදානය කෙරිණ. ඒ, ප්‍රවීණ රංගන ශිල්පිනී පූජා උමාශංකර් මහත්මියගේ ප්‍රධානත්වයෙන්. විවිධ තරග සඳහා සහභාගි වූ දරු-දැරියන්ට ද මෙහිදී වටිනා ත්‍යාග පිරිනැමිණ. ජාතික රූපවාහිනිය ආරම්භ යුගේ සිටම දැයේ දරුවන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් විවිධ වැඩසටහන් විකාශය කෙරේ. අද සංවිධාන කළ මෙම වැඩසටහන එහි තවත් දිගුවකි.

    Last modified on සෙනසුරාදා, 05 ඔක්තෝබර් 2019 20:10

    Latest News