මසකට වැඩි මෙවර පාසල් නිවාඩුව

නොවැ 26, 2018

    2018 වර්ෂයේ තෙවන පාසල් වාරයේ අවසන් දිනය නොවැම්බර් මස 30 වන දා බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

    ඒ අනුව 2018 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 2018 නොවැම්බර් මස 30 වන සිකුරාදා අවසන් වීමට නියමිතයි.

    එසේම 2019 වර්ෂය සඳහා පළමු පාසල් වාරය ජනවාරි මස 02 වන බදාදා දිනයේ දී ආරම්භ කරන බවත් ඒ අනුව මෙවර අවසන් වාරයේ පාසල් නිවාඩුව මාසයකට වඩා වැඩි කාලයක් හිමි වීම විශේෂත්වයක් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනු ලැබේ. 

    Latest News