වතුකරයේ කලු කොඩි එසවේ (ඡයාරූප)

නොවැ 26, 2018

    දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් අද (26) දවස පුරා වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

    වතු කම්කරුවෙකුට වතු සමාගම් විසින් දැනට දිනකට ගෙවන රු 530 මුලික වැටුප රු 1000 දක්වා වැඩි කර දෙන ලෙස වතු එකාබද්ධ වෘත්තිය සමිති මගින් වතු හාම්පුතුන්ගේ සංගමයට කර ඇති යෝජනාවයි.

    මෙම යෝජනව සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අවස්තා කිහිපයකදි සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත. එහිදි වතු හාම්පුතුන්ගේ සංගමය වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙත යෝජනා කර ඇත්තේ වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 530 සිට රු 600 දක්වා වැඩි කර සියළුම දිමනා සමග දිනකට රු 1000 කට ආසන්න වැටුපක් ලබා දිය හැකි බවයි.

    වතු කම්කරුවන් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට සහයෝගය දැක්විම පිණිස නුවරඑලිය දිස්ත්‍රික්කයේ හැටන්, නොර්වුඩ්, බගවන්තලාව, කොටගල, තලවකැලේ, ආගරපතන, ඩයගම, නානුඔය, නුවරඑලිය,මස්කෙලිය ඇතුළු නගර කිහිපයකම වෙළද සංගම් අද (26) උදැසන 10 සිට පස්වරු 1 දක්වා පැය තුනක කාලයක් කළු කොඩි ඔසවා වෙළදසැල් වසා වතු කම්කරුවන්ට සහයෝගය දැක්විමට පියවර ගෙන තිබේ.

    වැඩ වර්ජනයක නිරතව සිටි වතු කම්කරුවන් ප්‍රධාන නගරවලට පැමිණ වතු සමාගම්වලට එරෙහිව තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස උද්ඝෝෂන වල නිරත වෙමින් සිටිති. ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් ආරම්භ කල මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට වතු කරයේ සෙසු වෘත්තිය සමිතිද සහයෝගය දක්වා පල කරයි.

    1 12

    1 14

    1 22

     

    Last modified on සදුදා, 26 නොවැම්බර් 2018 11:26

    Latest News